ඔක්තෝබර් පළමු වැනිදා වනවිට නිල කාලය අවසන් වන පළාත් සභා තුන සඳහා ඔක්තෝබර් 02 වැනිදා නාම යෝජනා කැඳවන ලෙසට හෙට (31දා) මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මැතිවරණය එකම දිනයක පැවැත්විය යුතු බවට සඳහන් කරමින් පළාත් සභා මැතිවරණය පැවත්වීමට 2020 දක්වා කල් දැමීමට සැලසුම් කර තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
කැබිනට් පත්රිකාවක් ඉදිරියට දමා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවත්, එහෙත් කැබිනට් පත්රිකාවලට මැතිවරණය කල්දැමිය නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා ඉදිරියේදී නිල කාලය අවසන් පළාත් සභාවලට ඔක්තෝබර් 02 නාම යෝජනා කැඳවන ලෙසට අද (30දා) ලිඛිතව ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.