පළාත් සභා මැතිවරණය කල්දැමීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (25දා) මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේය.
එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,
“ජූලි 10 වැනිදා ගැසට් මගින් ප්‍රසිද්ධ කළ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ පනතෙන් බලාපොරොත්තු වන්නේ පළාත් සභා අපේක්ෂක ලැයිස්තුවේ කාන්තා අපේක්ෂකයන් අවම වශයෙන් 30%ක් සිටිය යුතුයි යන නීතිය හඳුන්වා දීමයි. අපි ඒකට සම්පූර්ණයෙන් එකඟයි.
30%ක් නොවේ 50%ක් කළත් එහි ඇති වැරැද්දක් නෑ. නමුත් කාන්තා නියෝජනයක් ඉදිරියට දමමින් පුංචි ඡන්දය වගේම මේ මැතිවරණයත් කල්දැමීමේ කූට උපක්‍රමයක ආණ්ඩුව නියැළී සිටිනවා දැයි අපට සාධාරණ සැකයක් තිබෙනවා” යනුවෙන් සඳහන් කර සිටියේය.
මෙම අවස්ථාවට පක්ෂයේ තරුණ කටයුතු ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා සහ මොරටුව ආසන සංවිධායක තිළිණ පීරිස් යන මහත්වරුද සහභාගි වූහ.