ලබන සැප්තැම්බර් මස අගදී නිල කාලය අවසන් වන සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා තුනේ පාලනය ඔක්තෝබර් මාසයේ සිට පළාත් ආණ්ඩුකාරවරුන් යටතට පත්කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලුම පළාත් සභාවල මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට හැකිවන සේ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට ඉකුත් සතියේදී කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව යමින් මෙම පළාත් සභා තුනේ පාලනය ඔක්තෝබර් සිය පළාත් ආණ්ඩුකාරවරුන් යටතට පත්කරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
සබරගමුව, උතුරුමැද හා නැගෙනරහිර යන පළාත් සභා තුනේ නිල කාලය ලබන සැප්තැම්බර් මස අගදීද, මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභා තුනේ නිල කාලය ලබන වසරේ ඔක්තෝබර් මාසයේද, බස්නාහිර හා දකුනු පළාත් සභාවල නිල කාලය 2019 වසරේ අප්‍රේල් මාසයේදද, ඌව පළාත් සභාවේ නිල කාලය 2019 වසරේ සැප්තැම්බර් මාසයේද අවසන්වීමට නියමිතය.
අජන්ත කුමාර අඟලකඩ