පළාත් මට්ටමින් පරිපාලනය සහ සංවර්ධනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්ථාපිත කළ, වසර විසිඅටක් පුරා ක්රියාත්මක පළාත් සභා ක්රමයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් සලකා බැලිය යුතු අවධියකට අද පැමිණ ඇති බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. එසේම කාර්යක්ෂමතාව සහ සැලසුම් මෙහෙයවීම සම්බන්ධයෙන්ද පළාත් සභාවල අවධානය යොමුවිය යුතු බවද පැවැසීය.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ අද (15දා) පැවැති පළාත් සහ ජාතික මට්ටමේ මනා සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධන ක්රියාවලිය වැඩිදියුණු කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
දේශපාලන පක්ෂය හෝ දර්ශනය කුමක් වුවත් ජනතා නියෝජිතයන්ගේ අරමුණ වියයුත්තේ පොදු පුරවැසියාගේ යහපත වෙනුවෙන් සේවය කිරීමද බව ජනාධිපතිවරයා පැවැසීය. පළාත් සභා නිරන්තරයෙන් සැලකිලිමත් වන්නේ තමන් සතු බලයේ සීමා පිළිබඳව බවත්,එහෙත් කළයුතුව ඇත්තේ තමන් සතු බලය නිසි ලෙස යොදාගනිමින් සාරථක හා ඵලදායී ජනතා සේවාවක් සැපයීම වෙනුවෙන් කැපවීම බවත් ජනාධිපතිවරයා පැවසීය.