පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාර්ශික සමුළුවක් ළඟදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. පළාත් සභා කොට්ඨාස සීමා කිරීමට පෙර සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කඅර තිබුණි.
පළාත් සභා මැතිවරණයද කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වීමට රජය තිරණය කර ඇති අතර ඒ සඳහා සීමා නිර්ණයට කමිටුවක්ද පත්කර ඇත. එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශ, පළාත් සභා කොට්ඨාස බල ප්‍රදේශ ලෙස යොදාගත හැකි බවද ඇතැමුන් රජයට යෝජනා කර තිබේ.
එහෙත් ඒ පිළිබඳව තීන්දු තීරණ ගැනීම සියලු පක්ෂ සමග සාකච්ඡා කර සිදුකිරීම වඩාත් සුදුසු බවට රජයේ අදහස වී ඇත.
අජන්තු කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදීප)