බස්නාහිර පළාත් සභා මහ ඇමති ප්රසන්න රණතුංග මහතාගේ කොළඹ ශ්රාවස්ති මන්දිරයේ අද (07දා) පැවති වැඩ භාර ගැනීමේ උත්සවයේදී ජා ඇල ප්රාදේශීය සභා මන්ත්රී සංජීව කුමාර මහතාට පළාත් සභා මන්ත්රී මෙරිල් පෙරේරා මහතා පහර දුන්නේ යැයි කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
බස්නාහිර පළාත් මහ ඇමතිවරයාගේ වැඩ භාර ගැනීමේ උත්සවයට ආරාධනාවක් අනුව සහභාගී වූ තමන්ට පළාත් සභා මන්ත්රී මෙරිල් පෙරේරා මහතා පහර දුන්නේ යැයි ජා ඇල ප්රාදේශීය සභා මන්ත්රී සංජීව කුමාර මහතා පොලීසියේ පැමිණිල්ලක් කර ඇත.