පළාත් පාලන අායතන සීමා නිර්ණ ගැසට් නිවේදනය ක්රියාත්මක කිරීම දෙසැම්බර් 4 දා තෙක් අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචණාධිකරණය අද (22දා) කටයුතු කළේය.
ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය, විනිසුරු කුමුදිනී වික්රමසූරිය හා විනිසුරු ශිරාන් ගුණරත්න යන ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සළකා බැලිණි.