පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් රජයේ ගැසට් පත්රය යටතේ ප්රකාශයට පත් කර ඇත.
ඒ අනුව දිස්ත්රික්ක 11කට අදාළ පළාත් පාලන ආයතන සඳහා තේරී පතවූ සභිකයන්ගේ නම් ඊයේ (15දා) ප්රකාශයට පත්කරණු ලැබීය.
ඉතිරි දිස්ත්රික්කයන්ට අදාල පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයන්ගේ නම් අද (16දා) ප්රකාශයට පත්කිරීමට නියමිතය.