මැතිවරණ සමයේදී නිතිය කඩකිරීමේ චෝදනා යටතේ පළාත් පාලන ආයතන හතක ප්‍රධානීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය කියයි.
එසේම පහරදීමක් සම්බන්ධයෙන් පහතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.
මේ අතර මාවතගම, උඩුදුම්බර, ඉබ්බාගමුව, කහවත්ත, ගල්නෑව, හා දිවුලපිටිය යන ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට එරෙහිවත්, හම්බන්තොට නගරාධිපතිට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන පේ‍්‍රමලාල් ජයසේකර, නිශාත්න මුතුහෙට්ටිගම සහ පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් යන සැකකරුවන්ට අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන තිබෙන බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.