පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා තමන් දැනටමත් ඡන්ද පොල සියල්ල තීරණය කර අවසන් බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ වාර්තාව භාරදීම පමාවීම මැතිවරණ කොමිසමට අදාළ කරුණක් නොවන බවත් ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේබව පැවසීය.
ඕනෑම මැතිවරණයක් නියමිත දිනයට නොපැවැත්වීම ප්රජාතන්ත්රවාදයට හානියක් බවද එහි ප්‍රතිඵලය සර්වජන ඡන්ද බලය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම විය හැකි බවටද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. අශෝක පීරිස් කමිටුවේ වාර්තාවට එක් සාමාජිකයකු අත්සන් නොතැබීම හේතුවෙන් එය අමාත්‍යවරයාට භාරදීම මේවනවිට පමා වී තිබේ.