ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නව නිර්දේශ කිහිපයක් හදුන්වාදීමේ අවස්ථාව පවතින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
රාජ්‍ය නිලධාරින් මැතිවරණය ඉදිරිපත්විමේදී ද ඉන් ඡන්ද දායකයින්ට බලපෑමක් නොවන ආකාරයෙන් කටයුතු කිරිමේ වතාවරණයක් හදුන්වාදිය යුතු බවද හෙතෙම පෙන්වාදෙයි. එමෙන්ම මැතිවරණ ප්රචාරක කටයුතු සදහා සිදු කෙරෙන වියදම් සම්බන්ධයෙන් ද නියාමනයක් අවශ්‍ය බවත් මේ සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යවරයා ඇතුලු අදාළ අංශ දැනුවත් කළ බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.