ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්ව තරඟ වැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පක්ෂ සියල්ල එකඟත්වය පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුකාර පක්ෂ සමගින් සාකච්ජා පැවැත්වූ බවත්, මෙතෙක් සාකච්ඡා කළ සියලුම පක්ෂවලින් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවත්ය.
ඒ අනුව ඉදිරියේදී තවත් පක්ෂ කිහිපයක්ද එකට එකතු කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන බව දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.