එළඹෙන වසරේ ජනවාරි, පෙබරවාරි මාස වනවිටදී පළාත් පාලන ආයතනවලට නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් පත්කළ හැකි බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අද (17දා) පැවසීය.
මේ අනුව මෙතෙක් කරගෙන ආ කටයුතු ඉදිරි මාස හය තුළදී පවත්වාගෙන යන්නැයි සියලුම පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන්ගෙන් හා ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ සේවාව සම්බන්ධව ඉදිරි මාස කිහිපයේදී ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරන බවද සිරිසේන මහතා ප්රකාශ කළේය.
ශ්රී ලංකා පදනම් ආයතනයේ පැවති පළාත් සභා සහ පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් හා ලේකම්වරුන්ගේ හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.