පළාත් පාලන ආයතන ආරම්භ කිරීමේ දිනය මාර්තු 20 වැනිදා දක්වා කල්දැමූ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
මාර්තු 06 වැනිදා සිට පළාත් පාලන ආයතන ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි සභා ආරම්භ කිරීම කල්දැමූ බව අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
කුමන ගැටලු තිබුණද 25%ක කාන්තා නියෝජනය ආපස්සට හැරවීමට ඉඩ ලබා නොදෙන බවත්, 25%ක කාන්තා නියෝජනය ඇතිකිරීමට සියලු දේශපාලන පක්ෂ බැඳී සිටින බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.