අදි මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 23ක කාලය තවදුරටත් දිර්ඝ නොකරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 23ක බලය හෙට සිට කොමසාරිස්වරුන් යටතට පත්වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.
මෙම පළාත් පාලන ආයතන 23 හි නිල කාලය පසුගිය ජනවාරියේදී මාසයේදී අවසන් වු අතර ඒවායේ කාලය මාස 6කින් දිගු කිරීමට රජය කටයුතු කළේය. ඒවායේ නිල කාලය අදින් අවසන් වේ.