පළාත් පාලන ආයතන විසුරුවා නොහැරීමට හේතුව
පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා නොහැර ඒවායේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගනු ලැබුවේ කොළඹ මහ නගර සභාවේ 150 වැනි සංවත්සර උත්සවය පැවැත්වීමට අවශ්‍ය වූ නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය.
කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් මත එසේ කාලය දීර්ඝ කළ බවත්ද අගමැතිවරයා සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ 150 වැනි සංවත්සර උත්සවය නගර සභා පරිශ්‍රයේදී ඊයේ (14දා) රාත්‍රි‘යේ පැවැති අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,
“නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා දැනට වසර හතරයි මාස 02 ක් සිය ධුරයේ ඉන්නවා. ඉන් අවසාන මාස 02 ජනාධිපතිතුමා ලබාදුන්නේ 150 වැනි සංවත්සර උත්සවය අවසන් කරන්න කියලයි. එවකට තවත් නගර සභා කිහිපයක කාල සීමා දීර්ඝ වුණා" යැයි ප්‍රකාශ කළේය.
මීගමුව සිට බේරුවල දක්වා පුද්ගලයන් ලක්ෂ 90 ක් ජීවත්වන ඉන්දියන් සාගරයේ නවීතම නගරය ඉදිකිරීම සඳහා කටයුතු කරගෙන යන බවත්, එහි කේන්ද්‍රස්ථානය කොළඹ නගරය බවත් අගමැතිවරයා සඳහන් කළේය.
එම නවීන නගරය සඳහා නමක් යෙදීමට තරගයක් පැවැත්වීම වෙනුවෙන් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී රණවක මහතා සමග සාකච්ඡා කළ බවද වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
ඡායාරූපය ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

