දිවයිනේ උතුරු හා නැගෙනහිර කොටස් වලට අද (20දා) සිට වැසි සහිත කාලගුණික තත්ත්වයක්, බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවල තරමක් තද වැසි (මි.මී.75ට වැඩි) ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 පසු ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
දිවයිනේ සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් (විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැකි අතර දිවයින වටා විටින් විට හමන (පැ.කි.මී.50ක පමණ) තරමක් තද සුළං ද බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.