පසුගිය වසරේදී පළාත් සභා සඳහා මුදල් වෙන්කිරිමේදී ඇතැමි අධ්‍යාපන අමාත්‍යවරුන් තමන්ට මුදල් වැඩිබව දන්වා එවූ බවත් ඒ හේතුවෙන් එම මුදල් වෙනත් අමාත්‍යංශ සඳහා වෙන් කළ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
කොළඹ ඩී.එස්. විද්‍යාලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට අද (10දා) එක්වමෙින් ඔහු මේ බව පැවැසීය. එසේම අධ්‍යාපනය වෙන්කරන මුදල් ප්‍රමුඛතා අනුව වෙන්කිරීම අත්‍යාවශ්‍ය බවත් ඇතැම් පාලස්වල ඩෙස්පුටු, වැසිකිළි කැසිකිළි මෙන්ම පානීය ජල ගැටලු පවතින බවත් ජනපතිවරයා පැවැසීය.