මහ මැතිවරණයේදී පළාත් අටකින් බහුතරක් ගන්නා බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය. පෙරේදා (31දා) වව්නියාවේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"පළාත් 8කින් අපිට බහුතරයක් හම්බ වෙනවා. එත් මට වන්නියෙනුත් නියෝජිත මහත්තුරුවුවමනයි. සන්ධානෙන් වැඩක් නැහැ. දැන් කියනවා ඒ අයලු සිංහල ජනතාව ආරක්ෂා කරේ මම අහනවා වව්නියාවේ සිංහල ජනතාවගෙන් ඔච්චර කැක්කුමක් තිබුණනම් ඇයි එල්.ටී.ටී.ඊ. එකට අවි ආයුධ දුන්න, දළදා මාලිගාවට බෝම්බ ගැහුව කේ.පී. ව කිලිනොච්චියට ගෙනල්ල දැම්මෙ කියලා. කේ.පී. රජ සැප දීල ස්ථීර පත්වීමක් දෙනකොට අපේ සිවිල් ආරක්ෂකයින්ට ස්ථිර පත්වීම් දෙන්න බැහැ කිව්වා"