දිවයිනේ පළාත් රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා ජනතාව උග්‍ර ජල හිඟයකින් පෙළෙන බවට 'අද' වාර්තාකරුවෝ සඳහන් කරති.
උතුරු, උතුරුමැද, ඌව, නැගෙනහිර හා වයඹ පළාත්වලට අයත් ප්‍රදේශ රැසක ජනතාව බීමට හා එදිනෙදා අවශ්‍යතාවලට අවශ්‍ය ජලය සපයා ගැනීමට දැඩි වෙහෙසක් දරන බව ද අප වාර්තාකරුවෝ සඳහන් කරති. ඇතැම් ප්‍රදේශවල බීම සඳහා ජලය ලබාගැනීමට සිදුවන්නේ වැව්වල තිබෙන බොර දියෙන් බවටද පැවසේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ දර්ශනපුර, බිසෝබණ්ඩාරපුර, අලුත්වැව, තලාකොළවැව, ඇටඹ ඔය, නිකහේන, කඳුරුගස්වැව, මීගස්වැව, වඩිගවැව, පතොක්වැව හා ගොඩපොත්ත ආදී යන ගම්මානවල ජනතාව මේ අතරින් උග්‍ර ජල හිඟයකට මුහුණපා සිටින බව එම ගම්වාසීහු පවසා සිටිති.
මේ වනවිට එසේ ගෙනඑන ජලය ලීටරයක් රුපියල් 04 බැගින් අලෙවි කරන බවත්, එම වෙළෙඳුන් එසේ හෝ ජලය ලබානොදුන්නා නම් මේ වනවිට ගම්මාන රැසක ජනතාව පිපාසය නිසා මරණයට පත්වීමට ඉඩ තිබූ බවත් එම පිරිස් පවසති.
ඡායාරූප - බ්. ඒ. පියතිලක