මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇත . පළමුවෙන් සවන් දෙන්න යන්න මෙවර එහි තේමාව වී තිබේ.
1987 දෙසැම්බර් මස 7 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම දිනය ප්‍රකාශයට පත් කෙරිණි. මේ අතර මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්ර දිනය සැමරීමේ ජාතික උත්සවය අද පස්වරු 4.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.