එළැඹෙන 2018 වසරේ පළමු පාසල් වාරය ආරම්භවනවිට නවීන ටැබ් පරිගණක ලක්ෂ 02ක් උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය කාරකසභා අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව පැවසුවේය.
ටැබ් පරිගණක ලබාදීමේ කටයුතු මේවනවිට අවසන් අදියරේ පවතින බවද කාරියවසම් මහතා සඳහන් කළේය.
පසුගිය අයවැය යෝජනා මගින් උසස් පෙළ සිසු-සිසුවියන් වෙනුවෙන් ටැප් පරිගණක ලබාදීමට යෝජනාකර තිබුණි.