පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම, ජාතික නිදහස් පෙරමුණ තරයේ හෙළා දකින බව පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ආණ්ඩුවේ ගමන් මගට එරෙහිව ජනතාව දැනුවත් කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් නිහඩ කිරීමේ පළමු ගොදුර ලෙස උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගත් බවද එම සංවිධානය කියයි.
ජාතික නිදහස් පෙරමුණ අද (19දා) මෙම නිවේදනය නිකුත් කළේය.