පසුගිය දින 160 තුළ කිසිම පැහැර ගැනීමක් සිදුනොවු බවත් මේවනවිට රටේ ආරක්ෂාව තහවුරු වී ඇතිබවත්
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මැතිවරණ රැළියක අදහස් දක්වමින් ඒමහතා මෙසේ පැවසීය " මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිනුවට පසු කොටි ත්රස්තවාදීන් බලයට එනවා යැයි පැතිරූ ප්‍රකාශ අද අසත්‍ය වෙලා තියෙනවා. දෙමළ සන්ධානය සමඟ කොටි ත්රස්තවාදීන් කටයුතු කරනවා යැයි ප්‍රකාශ කළා. අද කොටි සංවිධානයේ හිතවතුන්ට තනියම තරග කරන්න සිදු වෙලා. අපි ඉන්න තැනක ත්රස්තවාදීන්ට ඉඩක් නැහැ. එල්.ටී.ටී.ඊ.ය වේවා රාජ්‍ය අංශයෙන් මෙහෙයවන ත්රස්තවාදයක් වේවා, සුදු වෑන් ත්‍රස්තවාදය වේවා ඒ කිසි ත්‍රස්තවාදයකට අපි ඉඩ තියන්නේ නැහැ. පසුගිය දින 160 ඇතුළත කිසිම කෙනෙක් පැහැරගෙන ගිහින් නැහැ. කිසිම කෙනෙක් සුදු වෑන් සංස්කෘතියෙන් ඝාතනය වෙලා නැහැ. රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා. " යැයි පැවසීය