නිවාස අහිමි සමෘද්ධිලාභීන්ට නිවසක් ඉදිකරගැනීම සඳහා පසුගිය ආණ්ඩුව විසින් ලබාදුන් රුපියල් 2500 ක ආධාර මුදල වර්තමාන ආණ්ඩුව විසින් නැවත අයකර ගනිමින් සිටින බව සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
නිවසක් ඉදිකරගැනීම සඳහා රුපියල් 10,000 ක ආධාර මුදලක් ලබාදීමට සැලසුම් කර තිබු බවත් එහෙත් එම මුදලින් රුපියල් 2500 මුලික වාරිකය ලබාදුන් පසු ආණ්ඩුව වෙනස්වූ බවද එම සංගමයේ ප්රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසා සිටියේය.
ආණ්ඩුව වෙනස්වීමත් සමග එම වැඩපිළිවෙළ නැවතී ගිය අතර, ලබාදුන් වාරික මුදලක් නැවත අයකර ගනිමින් සිටින බවත්, සමෘද්ධි සහනාධාරයෙන් මෙම මුදල අයකරගනිමින් සිටින බවද මද්දුමකළුගේ මහතා සඳහන් කළේය.