පළාත් පාලන ආයතන 335න්, දුෂ්කර හෙවත් පසුගාමී ආයතන 79ක් හඳුනාගෙන එම ආයතනවල සංවර්ධන කටයුතු සඳහා රු.ලක්ෂ 10 බැගින් ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
මෙසේ දුෂ්කර හෙවත් පසුගාමී ආයතන ලෙස සැලකෙන්නේ වාර්ෂික ආදායම රු.මිලියන 10ට අඩු පළාත් පාලන ආයතන බව අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව, අනෙකුත් පළාත් පාලන ආයතනවල නඩත්තු කටයුතු සඳහා කඩිනම් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රු.ලක්ෂ 10 බැගින් ලබාදීමට අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පසුගියදා උපදෙස් දී තිබුණේ එම අමාත්‍යාංශයේදී දිවයිනේ සියලුම පළාත් පාලන නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.