බදුල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්රික්කවල කඳු ආශ්රිත ප්ර‘දේශ සහ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙන බැවින් කඳු ආශ්රිතව සහ පස් කණ්ඩි ආසන්නයේ ජීවත්වන ජනතාව ඒ පිළිබඳව අවධානයකින් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
අද (29දා) සවස 2.00 සිට හෙට (30දා) සවස 2.00 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්රියාත්මක බවද එම සංවිධානය සඳහන් කරයි.