පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා දිස්ත්රික්ක 05 ක් තුළ වැඩි වශයෙන් වාර්තා වන බව පැෆරල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා 'අද' ට සඳහන් කළේ, එම දිස්ත්රික්ක අතරට කොළඹ, හම්බන්තොට, බදුල්ල, පුත්තලම, කළුතර යන දිස්ත්රික්ක අයත් වන බවයි.
මෙම දිස්ත්රික්ක පිළිබඳව වැඩි අවධානයක් යොමුකිරීම පොලීසියේ සහ වගකිව යුතු ආයතනවල වගකීමක් බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.