ලක්ෂ සංඛ්‍යාත රෝගී ජීවිත අවදානම සලකමින්ද, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් අනුව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරි පළමු කැබිනට් හමුවේදී විසඳුම් දෙන බව සහතික කිරීම සලකමින්ද, පරිපූරක වෛද්‍ය සේවා අඛණ්ඩ වැඩ වර්ජනය පැය 48කට අත්හිට වූ බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරන ඒකා බද්ධ බලමණ්ඩලය පවසා සිටින්නේ, අඛණ්ඩ වැඩ වර්ජනය අගෝස්තු 31 වැනිදා, ඉරිදා උදේ 8.00 සිට පැය 48ක කාලයක් සඳහා අත්හිටුවීමටත්, ඒ අනුව සැප්තැම්බර් 01 වැනිදා, සඳුදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමටත් බලමණ්ඩලයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බවයි.
ඒ අනුව, අගෝස්තු 31 වැනි ඉරිදා උදේ 8.00 ට රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත සේවයට වාර්තා කරන ලෙසද සියලු නිලධාරීන්ට දැනුම් දීමක් කරයි.