ග්රාම නිලධාරීවරු හා ප්රාදේශීය ලේකම්වරු දැඩි අපහසුතාවට
රට තුළ පිහිටි ප්රාදේශීය ලේකම් කාර්යාල 332 ක තුළ පරිපාලන ග්රාම නිලධාරීවරුන් 332ක් සේවය කළ යුතු වුවත් එම තනතුරේ පුරප්පාඩු 165 ක් ඇති වී තිබීම නිසා ග්රාම නිලධාරීවරුන් සහ ප්රාදේශීය ලේකම්වරුන් දැඩි අපහසුතාවන්ට පත්ව සිටිති. ප්රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ග්රාම නිලධාරී කාර්යාලවල තොරතුරු හා ග්රාම නිලධාරින්ට එරෙහිව එල්ලවන චෝදනා පත්ර විභාග කිරීම සහ වටිනා ශාක කපා හෙළීම පිළිබඳ තොරතුරු ප්රාදේශීය ලේකම්වරයාට වාර්තා කළ යුතු වන්නේ පරිපාලන ග්රාම නිලධාරිවරුන් විසින් වන අතර මීට අමතරව ග්රාම නිලධාරීන්ට කොට්ඨාසය තුළ ගමන් වියදම ලබාදීමට නිරේදේශ කිරීම, ප්රාදේශීය ලේකම් කාර්යාලයව යාම පිළිබඳව ගමන් වියදම ලබාදීමට නිර්දේශ කිරීම, ග්රාම නිලධාරීවරුන්ගේ රාජකාරී දිනපොත අධීක්ෂණය කරවා ගැනීම ඇතුළු කටයුතු සිදුකර ගැනීමට පරිපාලන ග්රාම නිලධාරීවරුන්ගේ සහය අනිවාර්යෙන්ම ග්රාමනිලධාරීන් විසින් ලබාගත යුතුවේ.
එහෙත් පුරප්පාඩු පවතින ප්රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන ග්රාම නිලධාරීන්වරුන් මේ නිසා දැඩි අපහසුතාවන්ට පවත්ව තිබෙන අතර මීට අමතරව පරිපාලන තනතුරේ වැඩ බැලීමට පත් කර තිබෙන ස්ථානවල එම තනතුරේ වැඩ බලන ග්රාම නිලධාරීවරුද දැඩි අපහසුතාවන්ට පත්ව තිබෙන බව වර්තා වේ.