පර්පචුවල් ටේරෂරීස් සමාගම සම්බන්ධයෙන් කිසිඳු පරීක්ෂණයක් නොපවත්වා බැඳුම්කර ගනුදෙනු කිරීමට තම සමාගමට දී තිබු බලපත්‍රය මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවීමෙන් තමන්ගේ් මුලික අයිතිවාසිනම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවරා ඇති පෙත්සම විභාගයට නෙගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02දා) නිශ්ප්‍රභ කළේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගම විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම කිසිඳු පදනමක් නොමැති බව සඳහන් කරමින් පෙත්සම විභාගයට නෙගෙනම මෙලෙස නිශ්ප්‍රභ කළේය. අගවිනසුරු ප්‍රියසාද් ඩෙෆ්, බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලද අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් පෙත්සම විභාගයට නෙගෙනම නිශ්ප්‍රභ කළේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය සහ නීතීපතිවරයා නම් කොට ඇත.