පරණ කුණු අවුස්සා, පරණ මුහුණු යළිත් පාර්ලිමේන්තුවට යාමට උත්සහ දරණ බව ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පොළොන්නරුවේදී පැවසුහ.
උන්වහන්සේ එසේ කියා සිටියේ 2015 මහමැතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ජනසෙත පෙරමුණේ නාමයෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමිනි.
මේ අනුව පරණ සබන් කෑල්ලද නැත්නම් අලුත් සබන් කෑල්ලද තෝරා ගත යුත්තේ යැයි රටේ ජනතාව තේරුම් ගනු ඇතැයි උන්වහන්සේ වැඩි දුරටත් පැවසුහ.