මාතර , පහළ පික්වැල්ල , පන්තාරාම පුරාණ විහාරස්ථානයේ ලක්ෂ එකහාමාරක් පමණ වටිනා පුජා භාණ්ඩ සොරාගත් සොරා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ .
පසුගිය 28 වනදා අලුයම් කාලයේ සිදු වූ මෙම සොරකම සි .සි ටි .වි. කැමරාවක සටහන්ව තිබු අතර , අද (7) දිනයේ එය මාධ්‍ය වෙත නිකුත් කෙරුණි . මෙහිදි සැකකාර පුද්ගලයා අලුයම 1 ට පමණ එම විහාරස්ථානයට පැමිණ ප්‍රථමයෙන් බුදුන් වැඳ විපරම් කර නික්ම යන අතර , ඊට මිනිත්තු කිහිපයකින් යළි පැමිණ සොරකමේ නියැළෙන අයුරු විඩියෝ පටයේ සටහන්ව ඇත .