පළාත් පාලන මැතිවරණ පනතට අනුව සභිකයන් සංඛ්‍යාව ගණනය කළහොත් ජනතා විමුක්ති පෙරමුණට දැනට වෙන්කර ඇති සභිකයන් අතරින් 300 දෙනෙකු අහිමිවීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.
මැතිවරණ ප්‍රතිඵල අනුව ජවිපෙට වෙන්කර ඇති සභිකයන් 432 දෙනා අතරින් 132 දෙනෙකු පමණක් එම පක්ෂයට ඉතිරිවනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයට සභිකයන් 120ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභිකයන් 50ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභිකයන් 08ක් අහිමි වන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධව මැතිවරණ කොමිසමට කරුණු පෙන්වා දුන් බවත්,මැතිවරණ පනතට අනුව සභික ධුර වෙන්කරන්නැයි එහිදී ඉල්ලා සිටි බවත් හෙතෙම පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හමුවූ අවස්ථාවකදී සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවෙන් සාධාරණයක් ඉටුනොවුවහොත් මේ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි.