පදික වේදිකාවේ වෙළදාම් කිරීමට නැවතත් අවස්ථාව ලබාදුනහොත් රට ඉදිරියට නොව පසුපසට ගමන් කරනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.
සිය ෆේස් බුක් ගිණුමෙන් නිවේදනයක් කරන අමාත්‍යවරයා සඳහන් කරන්නේ පසුගිය වසර 3-4 ක කාලය තුළ එය පාලනය කළ බවයි.
අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය
"පදිකයින්ට පළවෙනියටම වෙන අවහිරය, පදිකයින්ට අවශ්‍ය නිසානේ පදික වේදිකාව හැදෙන්නේ. දෙවනුව ඒ පදික වේදිකාව අසළ සියලුම කඩවලට ආදායම නැතිවෙනවා. එතකොට ඒ කඩවල ඉන්න සියලුම අය වරිපනම් ගෙවනවා. EPF , ETF ගෙවනවා. රස්සාව දෙනවා, කරන්ට් බිලක් ගෙවනවා, ඒ අය නීත්‍යානුකූලව කඩ පවත්වන අය.
ඊළගට පදික වේදිකාව ගාව වාහන නවත්වලා එහෙම, නැත්නම් පාරිභෝගිකයා එන්නේ ඒ පදික වේදිකාව හරහා. පදික වේදිකාවට මිනිස්සුන්ට ගනුදෙනුකරුවන්ට එන්න යන්නත් බෑ. එතකොටත් එතන අවහිරයක් වෙනවා.
ඒක නිසා මේක වර්ල්ඩ් මාකට් කියලා ප්‍රේමදාස මහත්තයාගේ කාලේ එකකුත් හැදුවා. ඒ අවශ්‍යතාවය නිසා වරින්වර හදන කඩවල් පදිකයින් අතට පත් කළාම කඩ අරගෙන කඩ ටික කුලියට දෙනවා. ආයේ එනවා පදික වේදිකාව ඕනේ කියාගෙන. මේක දැන් අවුරුදු 5ක් - 10ක් සැරින් සැරේට වෙච්චි දෙයක්. නමුත් පහුගිය අවුරුදු 3 - 4 ම පාලනයක් කළා.
උත්සව සමයට ඇවිල්ලා වෙසක් කාලෙට වෙසක් සැරසිලි විකුණන එක බෞද්ධ කොඩි විකුණන එක, සිංහල අවුරුදු කාලෙට ඇවිල්ලා රතිඥ්ඥා විකුණන කඩයක් දාන එක, ඒ වගේම නත්තල් කාලෙට නත්තල් සැරසිලි , ගස් විකුණන එක අපි දන්නවා රඹුටන් කාලෙට රඹුටන් විකුණනවා. දූරියන් විකුණනවා ඒ කාල වල අවශ්‍යතාවයට වෙළෙඳුන් එනවා. ඒක ප්‍රශ්නයක් නැහැ.
නමුත් මේ පදික වේදිකාව සම්පූර්ණයෙන්ම නැවතත් පදික වෙළෙඳුන්ට යොමු කලොත් විශාල ප්‍රශ්නයක්. කවදාවත් මේ රට ඉස්සරහට යන්න බෑ පස්සටයි යන්න වෙන්නේ. ඒකට අපි විරුද්ධයි."