කොළඹ නගරයේ පදික වේදිකාවල වෙළෙඳාම් සඳහා අවසර දීමට කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ගෙන ඇති තීරණයත් සමග මතුවූ අර්බුදය විසඳීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මැදිහත් වී තිබේ.
පොලිස්පතිවරයා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා, නගරාධිපතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊයේ (23දා) ජනාධිපති කාර්යාලයට කැඳවා මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ, අනවසර කිසිම ස්ථානයක අලුතෙන් වෙළෙඳ සැල් ඉදිකිරීමට ඉඩ ලබානොදෙන ලෙසයි.