මෙරට විශේෂ සංචාරයක නිරත පකිස්ථානු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සොහේයිල් අමාන් මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද(08දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විනි.
මෙරට දිගු කාලීන මිතුරු රාජ්‍යයක් වන පාකිස්ථානු රජය මෙරට දශක තුනක කාලයක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා දැක්වූ සුවිශේෂී සහාය අගය කරන බවත් පැවති සාකච්ඡාවේදී රුවන් විජයවර්ධන අමාත්‍යවරයා සඳහන්කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් පකිස්ථානු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සොහේයිල් අමාන් මහතා වෙත සමරු තිළණයක් ද මෙහිදී ප්රදානය කල අතර, මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාද එක්විය.