පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් මහතාගේ මෙරට සංචාරයට සමගාමීව දෙරට අතර ගිවිසුම් 10ක් අත්සන් තැබීමට නියමිතය. තරුණ සංවර්ධන, සංගණන දත්ත හුවමාරුව, නවෝත්පාදනය, තාක්ෂණය, අපනයන සංවර්ධනය, සෞඛ්‍ය, සංස්කෘතිය, මුදල් විශුද්ධීකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි මෙම ගිවිසුම් අත්සන් කෙරෙණු ඇති. මෙම ගිවිසුම්වලට අදාළ කැබිනට් අනුමැතිය ද මේවනවිට හිමිව ඇත.
පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රීලංකා සංචාරය ලබන ජනවාරි මස මුල් සතියේදී සිදුකිරීමය නියමි අතර ඔහු ඇතුළු නියෝජිත පිරිස සංචාරයේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග දීපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතය.