“හොරු ගැන කතා කරනවා නම්, හොරු ගැන පාපොච්චාරණය කරගන්නවා නම් එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වේදිකා දෙකක් ගහගෙන දෙපැත්තේ වැරදි ටික කියාගමු. අවසානයේදී බලමු කවුද වැඩියෙන් වැරදි කියලා , එදාට අඩුවෙන් වැරදි කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක ආඩම්බරයෙන් කියන්න පුළුවන්” යැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (09) අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී තරුණ හමුවක් අමතමින්ය.
“පැවති ආණ්ඩුවේ අඩුපාඩු තිබූ තිබූ නිසා අපි ඒ ආණ්ඩුවෙන් එළියට බැස්සා, නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ හොරු ඉන්න, වැරදිකාරයෝ ඉන්න, රටට අවැඩක් කරන පක්ෂයක් නොවේ. අපේ පක්ෂයෙනුත් වැරදි සිදු වෙලා තිබෙනවා, අපේ පක්ෂයෙත් ඉන්න ඕන නැති මිනිස්සු ඉන්නවා”