පක්ෂයක් විදියට ගතහොත් ජාතික හෙළ උරුමයට පවතින මැතිවරණ ක්‍රමය හොඳ බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, අද (03දා) ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
නමුත් රටේ ජනතාවගේ අපේක්ෂාව දෙස බලා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කරන බවත්, එම සංශෝධනය කඩාකප්පල් කිරීමේ උත්සාහය පරාජය කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
ඒ සඳහා ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹන බව අමාත්‍යවරයා සඳහන් කළේය.