තම විශේෂඥ වෛද්‍ය වෘත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපකළ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා පුදුමයට පත්වූ බවත් නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීමක් තිබෙන බවත්, අමාත්‍ය ධුර සම්බන්ධයෙන් පක්ෂය සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් ඇය සඳහන් කළාය.