දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම සඳහා පක්ෂ ලාංඡනය සමග මනාප අංක ශරීරයේ පච්චා කොටාගෙන හෝ හිසේ සලකුණු කර ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එවැනි කටයුතු සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පක්ෂය ප්‍රවර්ධනය වන ආකාරයට ඇඳුම් හැඳ ප්‍රසිද්ධියේ ගමන් කිරීමද සපුරා තහනම් බව හෙතෙම තවදුරටත් පවසා සිටියේය.