වර්තමානයට ගැළපෙන පරිදි පක්ෂ ප්‍රතිපත්ති ප්‍රතිනිර්මාණය කරගැනීම පිළිබඳ මෙරට සියලුම පක්ෂ අවධානය යොමුකළ යුතු කාලය උදාවී ඇතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.
කොළඹ පදනම් ආයතනයේදී පැවැති තිරසර පෙරමග‘‘විද්වත් ලිපි සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පවසා සිටියේය.
මෙරට සියලුම පක්ෂ තවදුරටත් පක්ෂ ආරම්භකළ යුගයේ ප්‍රතිපත්ති මත රැඳී සිටින අතර, ජේ.ආර්. ජයවර්ධන ප්‍රතිපත්තිය, බණ්ඩාරනායක ප්‍රතිපත්තිය, රෝහණ විජේවීර ප්‍රතිපත්තිය ආදී අතීත ප්‍රතිපත්ති මතම පමණක් රැඳී සිටින බවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
එම ප්‍රතිපත්ති වැරදි යැයි තමන් නොකියන බවත්, එසේ වුවද සියලු පක්ෂ වර්තමානයේ ලෝක ප්රවණතා සහ ලෝක ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් ප්‍රතිපත්ති ප්‍රතිනිර්මාණය කළ යුතුව ඇති බවත්අමාත්යවරයාකියා සිටියේය.
වර්තමාන ලෝකයට ගැළපෙන රටක් නිර්මාණය කිරීමට නව චින්තනය සමග ඉදිරියට යායුතු වන අතර, විද්‍යාත්මක අංශය දේශපාලනයට ගෙන ආ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.