තම ශ්‍රී ලාංකික දෙමාපියන් සොයාදෙන ලෙස දැනට නෝර්වේ රටේ ජීවත් වෙන එරික් සමන් කයිරිජ් නැමති තරුණයා ඉල්ලීමක් කරයි. වර්ෂ 1987.03.02 දින හෝ ආසන්න දිනයකදී නෝර්වේ රටේ යුවළක් විසින් ඔහු හදාවඩා ගැනීමට මෙරටින් ගෙන ගොස් ඇති අතර, ඔහු මේ වන විට අවුරුදු 33ක තරුණයෙකි.
ගාල්ල කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසයේ සමන් නමින් සිටියදී නෝර්වේ ජාතික කයිරිජ් නම් යුවළක් විසින් එරටට නීත්‍යානුකූලව හදාවඩා ගැනීමට ගෙන ගොස් තිබිණි.
සමන්, ඇල්පිටිය ප්‍රදේශයේ අයෙකු බවට තමාට මතකයක් ඇති බව එවකට පාලිකාව සිටි එස්. සමරවීර මහත්මිය සඳහන් කරන්නීය.
සමන් ගැන, සමන්ගේ දෙමාපියන් හෝ ඥාතීන් ගැන හෝ තොරතුරක් දන්නේ නම් 0776 517836 අමතන ලෙසත් ඔහුට සැලකිය යුතු ත්‍යාගයක් ලබාදෙන බවත් සමන්ගේ මිතුරකු වන රවීන්ද්‍ර සුභාෂ් මහතා කියා සිටී.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්
සමන් කුඩා කාලයේදී
සමන් වර්තමානයේදී
සමන්ගේ වර්තමාන පියා
සමන්ගේ වර්තමාන මව