බගවන්තලාවේ සිට නෝර්වුඩ් ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවිකාවන් ප්රවාහනය කළ පෞද්ගලික බස් රථයක් අද (25දා) අනතුරට ලක්වී තිබේ. මෙම අනතුරින් තුවාල ලැබූ හත්දෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නෝර්වුඩ් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව නෝර්වුඩ් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.