අවම ගාස්තුවත් රුපියල් 10/-ක් වෙයි
බස් හිමියන්ට අවශ්‍ය ආකාරයට බස් ගාස්තු වැඩි කරන්නට අවස්ථාව ලබානොදෙන බව සඳහන් කළද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මේවනවිට ඉල්ලා තිබෙන ඉල්ලීම් 05 ට නිසි විසඳුමක් නොලැබුණහොත් නොවැම්බර් පළමුවැනිදා සිට සියයට 06කින් බස් ගාස්තු වැඩිකිරීමකට බස් සංගම් තීරණය කර ඇති බව 'අද' පුවත්පතට වාර්තා වේ. එමෙන්ම අවම ගාස්තුව වන රුපියල් 09/- ගාස්තුවද රුපියල් 10/-ක් කිරීමට සැලසුම් වී තිබේ.
සහනදායී මිලට ටයර් කට්ටල කිහිපයක් ලබාදෙන ලෙස, පෙරගෙවුම් කාඩ්පත් වැඩපිළිවෙළ බදුවලින් නිදහස් කරන ලෙස, සහන පොලී මත බැංකු ණය ලබාදීම සහ බස් රථයක් පැවරීමේදී අයකරන බදු මුදල අහෝසි කරන ලෙසට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (02දා) මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කළේය.