නොරොච්චෝලේතාප විදුලි බලාගාරයේ වසර 10කට වඩා පැරණි ටර්බයින ඇතුළු ප්‍රධාන යන්ත්‍ර සූත්‍ර යළි අලුතින්ම සවිකිරීමට චීනය තීරණය කර තිබේ.
චීනය මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය කාලය තුළ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ හදිසි බිඳවැටීම් 78කට වඩා වාර්තාවීම නිසාය. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ දිගින් දිගටම සිදු වන බිඳවැටීම් ගැන රජය ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැනුම්දීමක්ද චීන රජය වෙත යොමු කිරීමට ලංකා ආණ්ඩුව පියවර ගෙන තිබිණ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ යහපාලන ජාතික රජය චීනය සමග ඇති කරගෙන තිබෙන අතිශය යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා කෙරෙහි අවධානය යොමු කරමින් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ නවීකරණ කටයුතු සියල්ල හැකි ඉක්මනින් කිරීමට තීරණය කළ බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය දකුණු ආසියානු කලාපයේ උපඅධ්යක්ෂිකා ෂෙන් ෂියෝ ෂි ආ මහත්මිය බෙයිජිං නුවරදී පැවසුවාය.
පසුගිය රජය යටතේ නොරොච්චෝලේ තාප විදුලිය බලාගාරය ඉදිකිරීමේදී පාවිච්චියට ගනු ලැබූ ටර්බයින ඇතුළු විදුලි උත්පාදන උපකරණ සවි කෙරුණු බවට මෙරට විදුලි ක්ෂේත්‍ර‘යේ වෘත්තීය සමිති විසින් චෝදනා නැගිණි. නොරොච්චෝල තාප විදුලි බලාගාරයට නවීන ටර්බයින ඇතුළු විදුලි උත්පාදන යන්ත්‍ර සවිකිරීමට චීනය තීරණය කර ඇත්තේ කිසිදු අමතර මුදල් අයකිරීමකින් තොරවය.
දිනිත් චින්තක කරුණාරත්න - චීනයේ බෙයිජිං නුවර සිට (ඉරිදා දේශය ඇසුරෙනි)