(VIDEO) ආබාධයක් හේතුවෙන් ලෝක කුසලානය අහිමි වූ බ්‍රසීල සුපිරි ක්‍රීඩක නේමාර්ද සිල්වා සිය ආබාධයෙන් පසුව ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ ඊයේ (10දා) පෙනී සිටියේය. සිය ආබාධ්ය පිළිබඳව අදහස් දක්වන අවස්ථාවේදී නේමාර් අඩන්නටද විය.
කෙසේ වෙතත් කොළොම්බියා ක්‍රීඩක සුන්ගා තමන්ගෙන් අදාළ සිදුවීමට සමාවගත් බවත් නේමාර් පැවැසීය. අවසන් තරගය පිළිබඳව අදහස් දක්වමින් නේමාර් පැවැසුවේ තම බාසිලෝනා කණ්ඩායම් සගයන් සිටින ආර්ජන්ටිනාව තරගාවලියේ ශූරතාව හිමිකරගනු ඇති බවයි.
ආර්ජන්ටිනා කණ්ඩායමේ ජැවියර් මස්චෙරානෝ හා ලයනල් මෙසී නේමාර් හා එක්ව බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරයි. එසේම නෙදර්ලන්තය හා පැවැත්වෙන තෙවැනි ස්ථානය තේරීම සඳහාවන තරගයට කණ්ඩායමත් එක්ව සහභාගිවීමටත් නේමාර් සූදානමින් සිටියි. කෙසේ වෙතත් ඔහු තරගයට ක්‍රීඩා නොකරනු ඇත. ප්‍රේක්ෂකයෙක් ලෙස පමණක් ක්‍රීඩකයන් හා සිටිනු ඇත.