නේපාලයට ප්‍රබල භූ කම්පනයක් - ජීවිත රැසක් අහිමියි
(UPDATE) නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගල ජීවිත 1400ක් අහිමි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
රික්ටර් මාපකයේ 7.9ක අගයක් වාර්තා කළ මෙම භූ කම්පනය එරට අගනුවර ලෙස සැලකෙන කත්මණ්ඩු නගරයේ සිට පොඛාරා නගරය තෙක් ප්රබලව දැනී ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
එමෙන්ම, භූ කම්පනය අසල්පැසි පාකිස්තානය, බංග්ලාදේශය මෙන්ම ඉන්දියාවටද යම් ප්‍රමාණයකින් දැනී ඇති බව විදෙස් වාර්තා පවසයි.
නේපාලයේ තොරතුරු අමාත්‍ය මිනේන්ද්‍ර රිජාල් පවසා සිටියේ භූ කම්පනයේ අපිකේන්ද්‍රය අවට දැඩි අලාභානි සිදුව ඇති බවයි.
එමෙන්ම, කඩිනම් විදෙස් ආධාර අවශ්‍ය බවත්, මෙවැනි ආපදා තත්ත්වයක් වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
කත්මණ්ඩු නුවර කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මියගිය අයගේ සිරුරු ගොඩගනිමින් සිටින බව එරට මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී.ය පවසයි.
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

