නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපොළේදි බංග්ලාදේශ ගුවන් යානයක් අනතුරට පත්වීමේ සිදුවීම පිළිබඳව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සිය ශෝකය ප්රකාශ කර තිබේ. සිය ට්විටර් ගිණුමට ජනපතිවරයා ප්රකාශයක් කරමින් මේ බව සඳහන් කරයි. අනතුරින් දිවි බේරාගත් සියලු දෙනා වෙනුවෙන් එක්මන් සුවය ප්රාර්ථනා කරන බවත් එම ප්රකාශයේ වැඩිදුරටත් දැක්වෙයි.
